Wednesday, 26 June 2013


ඊයේ අපේ ආදරේ අන්තිම දවස. අපි අපිට අයිති නැහැ කියල දැන දැනත් අපි ආදරේ කරා.ඒ ආදරේ මන් ජීවත් වුනා,අදටත් ජිවත් වෙන්නේ ඒ ආදරේ නිසා කියල කිව්වොත් වැරදි නැහැ.ඔයාව මෙච්චර ඉක්මනටම නැති වෙයි කියල මන් හිතුවේ නම් නැහැ රත්තරන්. ඔයා සතුටින් ඉන්නවා දකින්නයි මන් එහෙම කලේ.මොකද ඔය මුණ දුකින් ඉන්නකොට චුට්ටක් වත් ලස්සන නැහැ.පලවෙනි දවසේ ඉදන්ම මන් ආදරේ කරේ ඔය හිනාවට. මට ඒ හැමදෙයක්ම අමතක නැහැ මැණික. ඔයාගේ ඒ හිනාවට මන් ගොඩක් ආදරේ කලා.අපේ ආදරේට පොඩි කාලයක් වුනත් අපි ගොඩක් ලන් වුණා තමයි.දෙන්නට දෙන්නා නැතිවම බැරි උනා.

Wednesday, 29 May 2013


ජිවිතේ බරක් පතලක් එදා ඉදලම තිබුනේ නැහැ මට හැම දෙයක්ම විහිලුවට ගත්ත කෙල්ලෙක්.අම්මා හැමදාම කවදා මෙයාට නම් ජිවිතේ තේරේවිද කියලා .අදටත් මොන ප්‍රශ්නයක් අවාත් හිනාවෙලා ඉන්නෙ ඒක නිසයි.ඔහොම පිස්සු නට නට ඉන්න කොට තමා හර්ෂණ හම්බවුනේ . කොයි වෙලෙත් මුණ දෙක කරන් හිටියේ . ඒ මුනේ හිනාවක් දැක්කේ හරිම කලාතුරකින් එකත් එයාගේ යාලුවෝ එක්ක විතරයි .එයාට කෙල්ලෝ පෙන්න බැහැ කියලා මන් අහල තිබ්බේ .ඉතින් මගේ වැඩේම එයාව යක අවුස්සන එක කොල කැලි වලින් ගහල .යකා නැග්ගම මුණ හරි ලස්සනයි .හැබැයි එයාට විතරමයි මාව පාලනය කරන්න පුළුවන් වුනෙත් පස්සේ කලෙක .එයාගෙ තරහට බැනුම් අහන්න පුදුම ලෝබ කමක් තිබ්බේ .පස්සේ අපිට අපි නැතුවම බැරි උනා .තාමත් ඒ ඇස් සමහර වෙලාවට මන් හොයනවා

Tuesday, 28 May 2013


ඔයා මටත් නොදැනිම මගේ කණට ලං වෙලා කිවුවා ඔයා මගේමයි කියලා..මගේ පුංචි හදවතේ ඔයා නවා තැන් ගත්තා..ඔයා හැමදාම පැතුවේ ඔයා මගේම වෙන්න කියලා..ඔයා මට ඔප්පු කරලා පෙන්නුවා පානටත් වඩා ආදරේයි කියලා..ඔයා මට කිවුවා මේ අහසේ කොතැනක හරි ඔයා තනි වුනොත් ඒ ආදරේ ඔයාට දැනෙයි කියලා,මේ සයුර තරම් ගැබුරු හදවතේ තනි වුනොත් ඒ ආදරේ දැනෙයි කියලා..ඒ වගේම මට ඒ ආදරේ දැනුනා රත්තරං..මත් හැමදාම පතන්නේ ඔයා මගේම වෙන්න කියලා..අපි අපේම ලෝකයක තනි වෙමු...

Monday, 27 May 2013


අප්පච්චී කවදත් ඇමතුවේ තාත්තා කියාය.ඒත් කැමති වුනේ අප්පච්චී කියන්නය. කොහොම ඇමතුවත් අප්පච්චීගෙන් මා දුටු ආදරය කවමදාවත් වෙනස් වුනේ නැත. වෙනස් වන්නේද නැත.
ආදරය වැඩිය පෙන්වන්නේ නැත.මගේ අප්පච්චී කවමදාවත් මට ආදරය පෙන්වන්නට පැකිළුනේ නැත.ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට, නිවැරදි දේ වෙනුවෙන් කතා කරන්නට බිය නොවන්නට ඉගැන්වූයේ අප්පච්චීය.පුංචි කාලේ පටන් මා මගේ හොර වැඩ, දඟ වැඩ වලට බොහෝ විට හවුල් කර ගත්තේ ඔහුය.අම්මා හැමදාම කිව්වේ දෝනිව හදාගන්න බැරි තාත්ත නිසා කියලා එත් මගේ දග වැඩ නම් අඩුවුණේ නැහැ .කවදාවත් එයා මගේ ඇස් දෙකේ කදුලක් දකින්න කැමති වුනේ නැහැ තාත්තාගේ ඇස් දෙකෙන් මන් ජීවිතය දැක්කේ.පොඩි කාලේ ඉදන්ම කාටද ගොඩක් ආදරේ කියලා ඇහුවම කියන්නේ තාත්තට කියලා.තවමත් වැඩ ඇරිලා එනකන් තාත්තා බලන් ඉන්නවා .

හැමදාම තාත්තා එක්ක ඉන්න පුලුවනම් කොච්චර හොද ද කියලා හිතෙන වාර අනන්තයි.


ඔයා මං දිහා ඔය විදිහට බලන්නේ ඇයි කියල මං දන්නවා...
"මම හිතුවටත් වඩා මොඩියෙක් 
වෙන්න ඇති.. මම ආදරය කරපු එකේ ප්‍රතිපල
එහෙම වෙන්න ඇති...ඔයා මට තවමත් ආදරෙයිද..
ඔයා කවදා හරි මට ලැබෙයි ද...
ඒවාට උත්තර හොයන්න මම
තවත් වෙහෙසෙන්නේ නැහැ....
ජිවිතයේ අතරමග හමුවුණු ඔයා හින්දා......
අද මම යන්නේ...
යන්න හිටපු පාරක නෙවෙයි...

Sunday, 12 May 2013

අයියා ලග නැති අඩුව ඊයේ නම් හොදටම දැනුනා.එත් මොනා කියලා කරන්නද ලගකවත් නැහැනේ දුවන් ගිහින් කියන්න හිතේ බර අඩු කරගන්න හිතිච්ච වාර අනන්තයි එත් මොනා කියලා කරන්නද හැමදාම වගේ හිතේ තදකරන් හිටියා , දැන් එකත් පුරුද්දට ගිහින් වගේ හැමෝම කුණු මාළු කැල්ලක් වගේ විසි කරන කොට හිතෙනවා මගේ කියලා කාටවත්ම වටිනා කමක් නැද්ද කියලා 
ලෙඩෙක් වුණා කියලා අනුකම්පාවත් මාව විසික් කරලා දන්නවත් ඕනේ නැහැ නේද ? මාත් ජිවත් වෙන්න හදන්නේ ලෝකේ හැම ගැනු ළමයෙක් වගේමයි . එයාලට තියන හින මටත් තියනවා .හැම හීනයකම ඇස් ඉස්සරහ කඩාගෙන වැටෙද්දී හිත හදන් ජිවත් වෙන්න ගොඩක් අමාරුයි මගේ අයියේ .ජීවිතෙන් පනලයන්න හැම පරකෙදීම මට මතක් වෙන්නේ අයියා කියපු වචන ටික මොකා දාල ගීයත් මගේ නංගිට අයියා නැති වෙන්නේ නැහැ . ජිවත් වෙන්න මට ඒ වචන ටිකම ඇති  අයියේ.

Wednesday, 6 February 2013


සුදු මැණික අද ඔයාගේ ජිවිතේ වැදගත්ම දවස මට call කරලා කියන්න තරම් ඔයාගේ හිත හයිය වුනාද මැණික නිකන් වත් හිතුනේ නැද්ද මේ කෙල්ල එක දරාගන්නේ කොහොමද කියලා මන් නැගිටින්න හදන හැමපාරම ඇයි මැණික ඔයාම මාව වට්ටලා දන්නේ අපිට ජිවිත දෙකක් නැහැ එක ජීවිතයයි කියපු කෙනා අද මාව කුණු මාලු කැල්ලක් වගේ විසිකරකරලම ගිහින් වෙන කෙනෙක්ගේ වුනේ කොහොමද ඔයා සදහටම මැණික පොඩි හරි දුකක් නැද්ද මන් ගැන එක දවසකට හරි මට ඔයාගේ ආදරේ දැනුනා මැණික චුට්ටක් වත් මගේ ජිවිතේ ගැන ඔයාට වැඩක් අතේම නැද්ද මගේ හිතේ තියන ආදරේ මැරෙන්නේ නම් නැහැ කවදාවත්.පුංචි හරි බලපොරෝතුවක් තිබ්බා මැණික ඒවි කියලා මන් ගාවට.ඔයාගේ නෝනා ඔයාව හැමදාම ආදරෙන් තියාවි එයා ඔයාට ගොඩක් ආදරේ නිසානේ එයාගේ ය එවලා මට බන්නිනේ ගහන්නේ මගේ තුන් හිතවකවත් තරහක් නැහැ මැණික දවසක් හරි ආදරේ කරපු ඔයා මට මෙහෙම සලකන එකයි දුක මගේ මහත්තයෝ .