ගොඩාක් කාලෙකට පස්සේ ඔයාව අද දැක්කේ ඒ දගකාර මූණ,කථා කරන ඇස් වෙනදා වගේමයි එදා මම දැක්කා ඔයාගෙ ඇස් දෙකේ මං වෙනුවෙන් මහා හුගක් ආදරේ අදටත් තියෙනවා කියලා... මට හිතුනා මේ ලෝකේ මොන තරම් නං නපුරුයිද කියලා.. අනේ ආයෙත් මට ඔයාව දකින්න ඇත්නම්... ඉස්සර වගේ රණ්ඩු වෙන්න... හුරතල් වෙන්න... තරහ වෙන්න.... කතන්දර කියන්න.. මේ හැමදේටත් වඩා ආදරේ කරන්න... ඉස්සර වගේ ඉන්න දැං බෑ කියලා මම දන්නවා..ඒත් මම අදටත් ඔයාට ඉස්සර වගේම ආදරෙයි.ඒ මුණ දිහා තවත් බලන් ඉන්න තිබුනනම් කියල හිතෙනවා , හිතේ තියන හැම ප්‍රශ්නයක්ම ඒ වෙලාවට මතක නැහැ.දවසම අඩල ඔය මුණ දැක්කම ඒ හැමදේම අමතක වෙනවා .ආයෙම ඔයාගේ වෙන්න පුලුවනම් මන් ගොඩක් වාසනාවන්තයි , එත් එහෙම වෙන්න මන් පින් කරලා නැහැ කියල දන්නවා .

No comments:
Post a Comment