Wednesday, 2 October 2013

දයාබර සදවත - පලවෙනි කොටස


සංසාර පුරුද්දට මෙන් හමුවූවද දෛවය සරදම් ලැබ නිහඩවම අබිනික්මන් කල මගේ ආදරය - 

'සුදු නංගි අද මොකුත් වැඩක් ද'
'නැහැ සුදු අයියා ඇයි'
'හ්ම්ම් නැහැ නිකන්'
'අනේ කියන්නකෝ ඇයි කියල'
'හවසට වැඩක් නැතිනම් නම් පන්සල් යමුද'

'ම්හ් '
දුක මහමෙරක් තරමට තුරුල් කරගෙන ආපු මට සුදු අයියා ලගට වෙලා ඉන්න තියනවනම් එකම එක විනාඩියක් හරි හිතට තියන සැනසීම ඒක විතරයි.එත් මගේ එකම සැනසීම කෙනෙක් උදුරගන්න ගන්න බලන් ඉන්න බව මන් දැනන් හිටියේ නැහැ
පහන් කාවිංග දුනුසිංහ එහෙමත් නැත්නම් මගේ අයියා නෑදෑ කමට මගේ වුනාට අපි අතරේ තිබ්බේ අහසයි පොලවයි වගේ පරතරයක් .සුදු අයියගේ අප්ප්පචි ඒ කියන්නේ අපේ අම්මගේ අයියා .දුනුසිංහ පවුලේ වැඩිමලා .ක්ලිෆර්ඩ් දුනුසිංහ .කවදාවත් මටත් අම්මටත් පවුලේ අයට වගේ සැලකුවේ නැහැ හේතුව අපේ අම්මා දුනුසිංහ පවුලේ කෙනෙක් නෙමෙයිලු.පවුලේ ගැහැණු ළමයෙක් හිටපු නැති නිසා අරන් හදාගෙන ලු.මගේ අප්පචිව මට නැති වෙනකොට මට වයස අවූරුදු 10.රැ කඩේ වහල එනකොට කවුදෝ අප්පචිව වහෙන්කින් හප්පගෙන ගිහින් .එදා ඉදල අම්මා මාව ලොකු මහත් කරන්න හුගක් දුක් වින්දා .අම්මගේ දේපල මාමා බලෙන්ම එයාගේ නමට හරවාගෙන .අපේ දුකට අපිට පිහිට වුනේ සුදු අයියා , එයාගේ අම්මා රේණුකා නැන්දා විතරයි 

No comments:

Post a Comment