ආදරය මහා ගොඩක් එක්ක මගේ ලෝකයට ආව ඔයා වෙනුවෙන් මගේ සිතේ ආත්මීය හැගීම් අකුරුකරන්නට කාලයක සිට බලාන උන්නෙමි ......හැමදාම වගේම මේ පුංචි හිත උඩ ආදරය වපුරන්න පුලුවන්නම් කෙනෙක්ට ඒ ඔබම පමණි... ඉඩොරයකට අසුවී කර්කශ උණු පොළොවක් වගේ මගේ සිත ගිණියම් වී තිබුණු අතීතයේ ඔබ ආවේ හරියටම මල් වැස්සක් වගේ.....
ඔයාගේ අහිංසක සිනාව මගේ ලොකයම කවද හරි එළිය කරයි කියල මම දැනගෙන උන්නෙමි...
ජීවිතය ගැන "අ "යනු "ආ" යනු කියාදී ..මේ දඩබ්බර ලෝකය සමග ගැටෙන්නට මග පෙන්නු ඔබ....මගේ ලෝකයේ වීරයෙකි....මගේ සිත් අහසට එළිය දෙන්නට ඔබේ සිත් අහසේ පහන් කණු එකින් එක උගුළුවා මගේ සිත් අහසේ සවිකළ කාලය අදත් මගේ හදවතේ මතකයන් අතර උඩින්ම තියේ.....
මේ ආදරය වග දනිමි....
මේ ආදරයේ සොදුරුම අවදිය වග විදින්නෙමි......
තවත් ආත්ම ගණනාවකට ඔබේ ආදරයේ සුව විදින්නට ප්‍රර්ථනා කරමි....
මා වෙනුවෙන් ඔබේ ලෝකය විවර කර දුන් මගේ ආදරණිය ආදරය ඔබ ආදරයේ දෙවියෙකි.....
ඔබ වෙනුවෙන් ජිවත් වන්න සේම ඔබගේ ආදරය වෙනුවෙන් මියෙන්නට උව මාහට එක සිතින් හැකිය ...ඒ ඔබගෙමේ උත්තරීතර ආදරයේ නාමයෙනි..

No comments:
Post a Comment