අප්පච්චී කවදත් ඇමතුවේ තාත්තා කියාය.ඒත් කැමති වුනේ අප්පච්චී කියන්නය. කොහොම ඇමතුවත් අප්පච්චීගෙන් මා දුටු ආදරය කවමදාවත් වෙනස් වුනේ නැත. වෙනස් වන්නේද නැත.
ආදරය වැඩිය පෙන්වන්නේ නැත.මගේ අප්පච්චී කවමදාවත් මට ආදරය පෙන්වන්නට පැකිළුනේ නැත.ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට, නිවැරදි දේ වෙනුවෙන් කතා කරන්නට බිය නොවන්නට ඉගැන්වූයේ අප්පච්චීය.පුංචි කාලේ පටන් මා මගේ හොර වැඩ, දඟ වැඩ වලට බොහෝ විට හවුල් කර ගත්තේ ඔහුය.අම්මා හැමදාම කිව්වේ දෝනිව හදාගන්න බැරි තාත්ත නිසා කියලා එත් මගේ දග වැඩ නම් අඩුවුණේ නැහැ .කවදාවත් එයා මගේ ඇස් දෙකේ කදුලක් දකින්න කැමති වුනේ නැහැ තාත්තාගේ ඇස් දෙකෙන් මන් ජීවිතය දැක්කේ.පොඩි කාලේ ඉදන්ම කාටද ගොඩක් ආදරේ කියලා ඇහුවම කියන්නේ තාත්තට කියලා.තවමත් වැඩ ඇරිලා එනකන් තාත්තා බලන් ඉන්නවා .
හැමදාම තාත්තා එක්ක ඉන්න පුලුවනම් කොච්චර හොද ද කියලා හිතෙන වාර අනන්තයි.

No comments:
Post a Comment