අද මන් මගේ පවුලේ සතුට නිසා මගේ ආදරය අමතක කරලා වෙන කෙනෙක්ගේ වෙන දවස
හැමෝම මට කිව්වේ මන් බොරු කාරියෙක් කියල
මන් කවදාවත් මට සමාවක් දෙන එකක් නැහැ
එයා කවදාවත්ම තේරුම් ගන්න එකකුත් නැහැ
ඔයා එයාගේ ජීවිතේට ආවම එයාව බලාගන්න
මාව අමතක වෙන්නම එයාට ආදරේ කරන්න
එයා පැණි රස කැමට කැමති නැහැ
වෙලාවකට තරහ යනවා වැඩි
ආදරෙන් කතා කලාම ඒ තරහ නිවෙනවා
තරහින් ඉන්න වෙලාවට කවදාවත් වාහනය එලවන්න දෙන්න එපා
වැස්සේ තනියම තෙමෙන්න දෙන්නත් එපා
හැම වෙලේම එයාගේ ලගින් ඉන්න
එයා ඔයාට වෙලාවක් දෙන එකක් නැහැ
ඒ ගැන තරහා ගන්න එපා
මාව මතක් කරලා එයාට රිද්දන්නත් එපා
එයාගේ හිතේ මන් ගැන තියන මතක සදහටම අමතක කරන්න
පවුලේ සතුට වෙනුවෙන් තම පෙම්වතා ඇත හැර වෙන කෙනෙකුගේ වෙන කෙනෙක් තම පෙම්වතාගේ අනාගත ප්‍රේමවන්තියට ලියන සටහනක්.






