෴පාරමී දම් පුරමු අප දෙදෙනා෴
ආදරණිය සුදු අයියේ,
ඔන්න ඔයාගේ සුදු නංගා අද ජීවිතේ අළුත් පිටුවක් පෙරලනවා. ඇත්තටම ඔයා හින්දයි මට මේ ගමන යන්න ආරම්භයක් ලැබුනේ.ඒත් තාම මට බැහැ මේක ඔයාට පෙන්නන්න.ඒත් සුදු අයියේ මං ඔයාට ඉක්මනටම දවසක මේක පෙන්නනවා.එදාට ඔයා මට බනීවිද, එහෙමත් නැත්තං වෙනදා වගේම මගේ ඔළුව අතගාලා හීනියට ටොක්කක් අනීවිද, ඒ කොහොම කලත් කමක් නැහැ ඒත් අර හිටි හැටියේ කරන මං දිහා ඔහේ බලා ඉදලා ඇස් හංගගෙන හැරිලා යන එකනං කරන්න එපා.මං දන්නවා ඒ ඔයා අඩනවා කියලා.මං වෙනුවෙන් මේ ලොකේ කඳුලක් හෙලන්න ඉන්නේ ඔයා විතරයි. මං ඒ තරමටම තනි වෙලා.
ඒ තනිඋන මට එකම හයිය සුදු අයියේ ඔයා විතරයි.
අපි දෙන්නා එකම අම්මාගේ කුසෙන් නූපන්නට ඔයා මට කවදාවත් වෙනස් කමක් කරලා නැහැ. හැමදාමත් මාව ආරක්ෂා කලේ ඔයා.මට ආදරේ කලේ ඔයා මාව බලාගත්තේ ඔයා.
අදටත් හෙටටත් ඒක එහෙමම වෙනවා කියලා මං දන්නවා.
ඉතිං ඒ දයාබර සහෝදරත්වය වෙනුවෙන් මගේ මේ පලමු ලිපිය ඔයාගේ උත්තම සොහොයුරු පෙමට පුදන්න මං කැමතියි. මේ භවයේ බැරි උනාට මතු හැම භවයකදීම අයියා මගේම අයියා වී ඉපදදේවා.
- මේ ඔයාගේ සුදු නංගියා

මොකක්ද මම කියන්නේ ඇත්තටම සතුටුයි..දිගු ගමනක් යන්න ජේසු පිහිටයි මගේ නංගියා
ReplyDeleteNiyamai Akkiyo.All da Best.
ReplyDeletesthuthi naughty aiya indika malli
ReplyDelete