Wednesday, 6 February 2013


සුදු මැණික අද ඔයාගේ ජිවිතේ වැදගත්ම දවස මට call කරලා කියන්න තරම් ඔයාගේ හිත හයිය වුනාද මැණික නිකන් වත් හිතුනේ නැද්ද මේ කෙල්ල එක දරාගන්නේ කොහොමද කියලා මන් නැගිටින්න හදන හැමපාරම ඇයි මැණික ඔයාම මාව වට්ටලා දන්නේ අපිට ජිවිත දෙකක් නැහැ එක ජීවිතයයි කියපු කෙනා අද මාව කුණු මාලු කැල්ලක් වගේ විසිකරකරලම ගිහින් වෙන කෙනෙක්ගේ වුනේ කොහොමද ඔයා සදහටම මැණික පොඩි හරි දුකක් නැද්ද මන් ගැන එක දවසකට හරි මට ඔයාගේ ආදරේ දැනුනා මැණික චුට්ටක් වත් මගේ ජිවිතේ ගැන ඔයාට වැඩක් අතේම නැද්ද මගේ හිතේ තියන ආදරේ මැරෙන්නේ නම් නැහැ කවදාවත්.පුංචි හරි බලපොරෝතුවක් තිබ්බා මැණික ඒවි කියලා මන් ගාවට.ඔයාගේ නෝනා ඔයාව හැමදාම ආදරෙන් තියාවි එයා ඔයාට ගොඩක් ආදරේ නිසානේ එයාගේ ය එවලා මට බන්නිනේ ගහන්නේ මගේ තුන් හිතවකවත් තරහක් නැහැ මැණික දවසක් හරි ආදරේ කරපු ඔයා මට මෙහෙම සලකන එකයි දුක මගේ මහත්තයෝ .

Tuesday, 5 February 2013

෴පාරමී දම් පුරමු අප දෙදෙනා෴


෴පාරමී දම් පුරමු අප දෙදෙනා෴

ආදරණිය සුදු අයියේ,
                             ඔන්න ඔයාගේ සුදු නංගා අද ජීවිතේ අළුත් පිටුවක් පෙරලනවා. ඇත්තටම ඔයා හින්දයි මට මේ ගමන යන්න ආරම්භයක් ලැබුනේ.ඒත් තාම මට බැහැ මේක ඔයාට පෙන්නන්න.ඒත් සුදු අයියේ මං ඔයාට ඉක්මනටම දවසක මේක පෙන්නනවා.එදාට ඔයා මට බනීවිද, එහෙමත් නැත්තං වෙනදා වගේම මගේ ඔළුව අතගාලා හීනියට ටොක්කක් අනීවිද, ඒ කොහොම කලත් කමක් නැහැ ඒත් අර හිටි හැටියේ කරන මං දිහා ඔහේ බලා ඉදලා ඇස් හංගගෙන හැරිලා යන එකනං කරන්න එපා.මං දන්නවා ඒ ඔයා අඩනවා කියලා.මං වෙනුවෙන් මේ ලොකේ කඳුලක් හෙලන්න ඉන්නේ ඔයා විතරයි. මං ඒ තරමටම තනි වෙලා.
ඒ තනිඋන මට එකම හයිය සුදු අයියේ ඔයා විතරයි.
අපි දෙන්නා එකම අම්මාගේ කුසෙන් නූපන්නට ඔයා මට කවදාවත් වෙනස් කමක් කරලා නැහැ. හැමදාමත් මාව ආරක්ෂා කලේ ඔයා.මට ආදරේ කලේ ඔයා මාව බලාගත්තේ ඔයා.
අදටත් හෙටටත් ඒක එහෙමම වෙනවා කියලා මං දන්නවා.
ඉතිං ඒ දයාබර සහෝදරත්වය වෙනුවෙන් මගේ මේ පලමු ලිපිය ඔයාගේ උත්තම සොහොයුරු පෙමට පුදන්න මං කැමතියි. මේ භවයේ බැරි උනාට මතු හැම භවයකදීම අයියා මගේම අයියා වී ඉපදදේවා.
                                                           
- මේ ඔයාගේ සුදු නංගියා